ඊ.ටී. ඇයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීම පිළිබඳව යෝජනා මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කර ඇතැයි එම සමාගම අද කොළඹ වාණිජ මහාධිකරණ වෙත දන්වා තිඛෙනවා.

තම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඊටීඅයි මූල්‍ය සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  මේ බව අධිකරණයට දැනුම් දුන්නේ.
එහිදී අදාළ සමාගමේ නීතිඥවරයා දන්වා සිටියේ තම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සහ තැන්පත්කරුවන්ට නැවත මුදල් ගෙවීමට අදාළ යෝජනා මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත යොමුකර ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචාරය ලැබෙන තෙක් එම නඩුව කල් තබන මෙන්ද එම සමාගමේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඒ අනුව පෙත්සම නොවැම්බර් මස පළ වන දාට කල් දැමූ  වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා එදිනට විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කළා.
20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :