මහනුවර ගලහ රෝහලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්ට නිසි පියවර නොගන්නේ නම් දැඩි පියවරක් වෙත අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවාධාරණය කළා.

” සිවිල් ජනතාව නීති විරෝධී හැසිරුණ නිසා ගලහ රෝහල මේ වන විට වැටී තිබෙනවා. මාධ්‍ය ආයතන වගකීමෙන් තොරතුරු දිය යුතුයි. අපි උපරිම ආකාරයට ඉවසීමෙන් ඉන්නවා. වෘත්තීය සංගම් අපට මේ සිද්ධියට අදාළව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑමට ඉල්ලීම් කරනවා. අපි මෙයට නීතිය ක්‍රියාත්මක කිරීමට ලබන සඳුදා දක්වා කාලය ලබා දී තිබෙනවා. එසේ නොවුණ හොත් අඟහරුවාදා උදය වන විට මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවය බිඳ වැටීමට අවස්ථාවක් තිබෙනවා.”

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :