ලබන නොවැම්බර් මස ඉදිරිපත් කරන අයවැය ‍ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය අනාවරණ කරනවා.
ඒ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කර ඇති කොමිසමේ නිර්දේශවලට අනුවයි.
සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් එකවර සමාලෝචනය කරන අවස්ථාව මෙය බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය මෙම විශේෂ වැටුප් කොමිසමේ වාර්තාව ඔක්තෝබර් මස මැදදී ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවද සදහන් කරනවා.
එමෙන්ම නව වැටුප් කොමිසම සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා රාජ්‍ය සේවා වෘත්තීය සංගම්, රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය සේවාවන්හි සියලු අංශ නියෝජනය කරන කණ්ඩායම් වලින් ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගැනීමට පියවර ගෙන ඇති බවද එමගින් සමස්ත රාජ්‍ය සේවයටම සාධාරණ වැටුප් සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සදහන් කළා.මෙම වැටුප් කොමිසම මගින් දුම්රිය සේවාවේ හා තැපැල් සේවයේ පවතින වැටුප් විෂමතා පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කිරීමට නියමිතයි. මේ අනුව දුම්රිය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුවුවහොත් ඒ අනුව ඒකාබද්ධ රාජ්‍යය සේවාවන්හි සියලු අංශවල වැටුප් වැඩි කිරීමට සිදුවන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :