ප්‍රධාන-පුවත්

තිරිගුපිටි(බහාලුම්) සදහා වන පාලන මිල ඉල්ලයි

බෙදා හරින්න :

තිරිගු පිටි සදහා පාලන මිලක් තිබියදී මිල වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීයේ සභාපතිවරයා වෙත පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයලිපියක් යොමුකර තිඛෙනවා. මේ එම ලිපියයි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරීපනතේ 20(5) වගන්ති යට‌ෙත්  පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 2015 පෙබරවාරි 20 වන දින සාදන ලද  අති විශේෂ ගැසට් පත්‍ර අංක  1902/55 යටතේ ප්‍රසිද්ධ කරන ලද නියෝග අංක 31 ට අනුව තිරිගු පිටි(බහාලුම්)සදහා රුපියල් 87 ක පාලන මිලක් නියම කොට තිබියදී ඔබ අධිකාරියේ අනුමැතියකින් තොරව 2018 සැප්තැම්බර් පළමු දින සිට තිරිගු පිටි කිලෝ එකක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට ප්‍රීමා ලංකා සමාගම කටයුතු කොට ඇත.

වතු කරයේ ජීවත්වන ජනතාවට හා දිවයින පුරා ජීවත්වන ජනතාවට ජීවත්වීම සදහා සහනයක් ලෙස 2015 වසරේදී තිරිගු පිටි සදහා වන මෙම පාලන මිල රජය විසින් නියම කරන ලදී. රජයේ එම අභිලාෂය තවදුරටත්  සාක්ෂාත් කිරීම ඔබ අධිකාරිය වෙත නීතියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍ර අංක  1902/55 ට අනුව අංක 31 වන නියෝගය කඩ කරමින් තිරිගු පිටි(බහාලුම්) වැඩි මිලට විකිණීම සිදුකරනු ලබන වෙළෙන්දන් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. එසේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අප සංවිධානය කටයුතු තරන බව තව දුරටත් දැනුම් දෙමු.

රංජිත් විතානගේ- සභාපති -පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts