සියයට පහළොවකින් (15%) ජල ගාස්තු ඉහළ නැංවිය යුතු බවට ජල සම්පාදන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවනවා.

වසර 8කින් පමණ ජලබිල්පත් ගාස්තු ඉහළ නංවා නොමැති නිසා ජල සම්පාදන මණ්ඩලය දැනට ජනතාවට ජලය සපයන්ගේ අලාභයට බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සදහන්.දැනට වාර්ෂිකව ජලය විකිණීමෙන් ජල සම්පාදන මණ්ඩලය වසරකට ලබන ආදායම රුපියල් කෝටි 2300කි. එම මුදල තවත් රුපියල් කෝටි 700කින් පමණ ඉහළ නංවා වාර්ෂික ආදායම රුපියල් කෝටි 3000ක් දක්වා වර්ධනය කරගැනීම ජල ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ අරමුණ බවයි පැවසෙන්නේ.එහෙත් සමෘද්ධිලාභීන්ට සහ ආගමික ස්ථානවලට ඉදිරියටත් සහන මිලටම ජලය සැපයීමටද යෝජනාවී තිඛෙනවා.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාව විද්වත් කමිටුවක් මගින් අධ්‍යයනය කොට තීන්දුවක් ගතයුතු බවට අමාත්‍යවරුන් රැසක්ම යෝජනා කළ බැවින් ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය තීන්දු කර ඇති බවයි ප්‍රකාශ වන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :