ජනාධිපති මැතිවරණයට අදාළ ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙහිදී සිදුකෙරෙනු ඇත්තේ විදේශීය පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ජනපති ඡන්දය සඳහා ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමයි. වාර්තාවන ආකාරයට විදේශීය පුරවැසිකම දැරූ යම් තැනැත්තෙක් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු හෝ ඇය ඡන්දයට ඉදිරිපත් වීමට වසරකට පෙර අදාළ පුරවැසිකම ඉවත් කරගත වන බව සදහන්.

එවැන්නෙක් ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේදී තමන් පුරවැසිකම වසරකට පෙර ඉවත් කරගත් බව සඳහන් වන සහතිකයද සැපයිය යුතුය යනුවෙන් නව සංශෝධනය සකස් කෙරෙනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

මෙම සංශෝධනය සකස් කළ යුතු ආකාරය ගැන රජයේ නීති උපදේශකයන් හා දේශපාලන උපදේශකයන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද සැලයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට ජනාධිපතිවරණයට තරග කිරීමේ ඉඩ කඩ මේ සමග අහිමිවනු ඇති බවද අදාළ වාර්තා අනාවරණ කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :