පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් පවසන්නේ.
තිරිඟු පිටි ගෙන්වන එක් සමාගමක් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පසුගියදා පියවර ගත් අතර එය උපරිම මිල සීමාව කඩ කිරීමක් බවටයි චෝදනා එල්ලවන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :