ඔස්ටේ්‍රලියාවේදී ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගත් ලාංකිකයකු වන කමර් නිසාම්ඩීන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ ඥාතීන් හා හිත මිතුරන් සදහන් කරනවා.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්.
මෙම ලාංකික සිසුවාගේ දියුණුවට එරෙහිවූ යම් අයකු විසින් ඔහු උගුලකට හසුකර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
නිසාම්ඩීන් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් සදහා සූදානම් වන බවට වන ඔත්තුව ඔහුගේ මිතුරකු විසින්ම එරට පොලිසිය වෙත ලබාදී තිබුණා.
ඒ පිළිබද පරීක්ෂාවේදී හෙළිව තිබුණේ සැකකරුගේ පුද්ගලික පරිගණකයේ එරට දේශපාලනඥයන්ගේ හා ප්‍රසිද්ධ ස්ථානවල තොරතුරු හා සැලසුම් පවතින බවයි.
ඒ අනුව ඇප ලබාදීමකින් තොරව සැකකාර සිසුවා ඔක්තෝම්බර් 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නිව් සව්ත් වේල්ස් ප්‍රාන්ත අධිකරණය නියෝග කර තිබුණේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :