දැනට ප්‍රදර්ශනය වන “දැවෙන විහගුන්” චිත්‍රපටය සඳහා ප්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට රැඟුම් පාලක මණ්ඩලය තීන්දුව අහෝසි කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් සැප්තැම්බර් මස 27 වැනිදා සලකා බැලීම සඳහා  කැදවීමට අභියාචනාධිකරණය අද නියම කළා.

එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයට එක්වන අනෝමා ජනාදරී විසින් පෙත්සම ඉදිරිපත් කරන අතර එහි වගඋත්තරකරුවන් ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය සහ එහි සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ “දැවෙන විහගුන්” චිත්‍රපටය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනුවෙන් එක් සහතිකයක් සහ වැඩිහිටියන්ට පමණයි යනුවෙන් තවත් සහතිකයක් නිකුත් කර ඇති බවයි.

එක් චිත්‍රපටයක් සදහා මේ ආකාරයෙන් ප්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට බලයක් නොමැති බවත් එසේ සහතික දෙකක් නිකුත් කිරීමේ තීරණය නීතියට පටහැනි බවයි පෙත්සම්කාර කියා සිටින්නේ.

මේ හේතුවෙන් අදාල චිත්‍රපටිය සඳහා ප්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බව තීන්දු කොට එය අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :