ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත්තා. ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ඔහු කලක් කටයුතු කළා.

ඊට අමතරව, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතනවල සභාපති ධුර ද හේමසිරි ප්‍රනාන්දු මහතා හොබවා තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :