පාතාල කල්ලි නායකයකු වන මාකදුරේ මදූෂ් විසින් සිය පියාගේ අවමගුල් උත්සවය අවස්ථාවේ හෙළිකොප්ටර් යානයක් යොදාගනිමින් මල් ඉසීමේ සිද්ධිය පිළිබද පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

මාකදුරේ මදුෂ්ගේ පියා වු එස්.ඒ.ලක්ෂ්මන් මහතා කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඉකුත් 29 වනදා මරණයට පත්ව තිබුණා.

මෙරටින් පලා ගොස් ඩුබායි හී රැදී සිටින මාකදුරේ මදූෂ් පියාගේ අවසන් කටයුතු උත්කර්ෂවත්ව සිදු කිරීමට ඥාතීන්ට උපදෙස් ලබාදී ඇති බවද හෙළිව තිඛෙනවා.
එසේම මදූෂ්ගේ පියාගේ දේහය නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කරන තෙක්ම හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල් ඉස තිබෙන බවයි අනාවරණ වී ඇත්තේ.

එසේම අවමංගල්‍ය උත්සවය ඩුබායි සිට මාකදුරේ මදුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹා තිබෙන බවද මෙහිදී හෙළිව තිඛෙනවා.

එම අවමගුල් උත්සවය සදහා තවත් පාතාල නායකයින්ද එක්ව සිට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග හෙළිකරන්නේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :