ඒකාබද්ධ විපක්ෂය විසින් හදිසියේ පවත්වන විරෝධතාවයේ අරමුණ රජයට විරෝධය පෑම නොව විශේෂ මහාධිකරණ හමුවේ සැබෑ මුහුණු ජනතාවට හෙළිවීම වැලැක්වීම බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද කොලඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය දැඩි භීතිකාවකින් පසුවන බවයි.
පසුගිය රජය සමයේ බරපතල දූෂණ අපරාධ හා නීති විරෝධී ක්‍රියා පිළිබද විමර්ෂණ අවසන් අධියරට එළඹෙමින් පවතින බැවින් කුමන ක්‍රමයකින් හෝ එය නතර කිරීමේ උත්සාහයක ඒකාබද්ධ විපක්ෂය නිරත වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කොලඹ වටලා රජය පෙරළිය හැකිනම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය නොවන අතරම තමන් නීතියට අනුගත නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් මේ තුලින්ද පෙන්නුම් කිරීමට උත්සාහ කරන බවද ඔහු සදහන් කළා.
පෝය දෙකකින් පෙරළන බව කී රජය ශක්තිමත්ව ඉදිරියට යාම පිළිබද තිගැස්මක් හා කම්පනයක් ඒකාබද්ධ විපක්ෂය තුල පවතින බවට මෙම විරෝධතාවය කදිම උදාහරණයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
කවර ආකාරයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ විරෝධයකට ජනතාවාදී රජයක් ලෙස ඉඩ ලබා දෙන අතරම එම විරෝධතා සාමාන්‍ය ජනතාවට අවහිරයක් නොවන පරිදි පැවැත්විය යුතු වනවා.
වලපල්ලට ඇදදැමූ රටක් යලි ගොඩගනිමින් පවතින අවස්ථාවක කකුලෙන් ඇදීම ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් දෙනා අතීතයේ සිටම අනුගමනය කළ පිළිවෙත බවයි ඔහු අවධාරණය කළේ.
කෙසේ වෙතත් කවර පෙළපාලි පැවැත්වුවද ආණ්ඩු පෙරලීම සිහිනයක් මිස සැබෑ නොවන බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
විශේෂ මහාධිකරණය හමුවේ බරපතල වංචා පිළිබද නඩු කඩිනමින් විභාගවන හෙයින් දූෂිතයින් රැසකගේම අවසන් පාගමන මෙය විය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :