නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කිරීම පිළිබද අගවිනිසුරුවරයාගෙන් විමසන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණයට දැනුම් දුන්නා. ඒ මන්ත්‍රීවරයාට එරෙහි නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

2014 වර්ෂයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයක මුදලක් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වි තිබෙනවා. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විභාගයට ගැනුණා. නඩුව නොවැම්බර් මස 16 වනදා කැදවීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :