අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයේ වනෝද්‍යානයක අලි ඇතුන් 90 දෙනකු එකවර ඝාතනය කර තිඛෙනවා.
දේශසීමා විරහිත අලි සම්බන්ධ ආයතනය නිවේදනය කළේ දළ හා සිරුරු කොටස් ලබා ගැනීමේ අරමුණින් මෙම දැවැන්ත ඝාතනය සිදුකර ඇති බවයි.
පසුගිය ජූලි 10 වනදා බොට්ස්වානා හී වෙසෙන අලි ඇතුන් සංගණනයක් ආරම්භ කර තිබූ අතර ගුවන් මගින් ඊට අදාළ සෝදිසි සිදුකිරීමේදී මෙසේ ඝාතනය කළ අති ඇතුන්ගේ සිරුරු සොයාගෙන තිඛෙනවා.
මෙය අප්‍රිකාවේදී එකවර වැඩිම ඇතුන් ප්‍රමාණයක් ගාතනයවූ අවස්ථාව ලෙසයි හැදින්වෙන්නේ.
බොට්ස්වානා හී විශාල අලි ගහනයක් වාසය කරන අතර එම සතුන් නිරන්තරයෙන්ම දඩයක්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්වනවා.
ඒ ඇත් දළ ජාවාරම මුල් කර ගනිමිනුයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :