අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී විවාහ මංගල උත්සවය පැවැත්වීම වෙනුවෙන් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රුපියල් 21 ලක්ෂ අසූදහසක මුදලක් ගෙවා ඇති බව නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යන‍රයා කියා සිටියේ මෙහිදී පැයකට රුපියල් ලක්ෂ 4 ක පමණ ගාස්තුවක් ගෙවා ඇති බවයි.
ඒ අනුව අරලිය ගහ මන්දිරයේ මංගල උත්සවයක් පැවැත්වූ බවට චෝදනා නොකොට අවශ්‍ය පුද්ගලයින් වෙතොත් මෙම ගාස්තුව ගෙවා මංගල උත්සවයක් එහි පැවැත්විය හැකි බවද ඔහු අවධාරණය කළා.
මෙම මුදලට අදාළ චෙක්පත පසුගිය අගෝස්තු 31 වනදායි මෙම චෙක්පත මන්ත්‍රීවරයා විසින් ලබාදී ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :