ඒකාබද්ධ විපක්ෂය අද සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු 11 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියම කර තිඛෙනවා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ පෙරේදා දිනයේදීයි.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් වග උත්තරකරුවන් 11 දෙනකු ලෙස නම් කැර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩ්ව් ගුණසේකර, අසංක නවරත්න යන අය ‍සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

‍මීට අමතරව මෙම උද්ඝෝෂණයට සහභාගි වී අනුගාමිකයන් වන සමාජිකයන් ද රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට ආධාර අනුබල දිමේ චෝදනාවට ලක්වුවහොත් අත්අඩංගුවට ගැනීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී මහජන පීඩාවක් නොවන සේ මෙම විරෝධය පවත්වන ලෙස නියෝග කරන්නැයි කුරුදුවත්ත පොලිසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ දණ්ඩ නිති සංග්‍රයේ 114,115 යටතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ආණ්ඩුවට විරුද්ධව කැරළි ගැසිමේ චෝදනාවට වග උත්තරකරුවන් 11දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික බලය තිබිය දී මහජන පිඩා යටතේ අධිකරණයට නියෝග ලබා දීමට නොහැකි බව පවසමින් පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂ්‍රේප කරනු ලැබිණ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :