අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 10 , 11 හා 12 යන දිනවල අඛණ්ඩව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර තිඛෙනවා.
ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විනිසුරුවරුන් හා නීතීඥයින් පිළිබද කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
තමන්ට එරෙහි චෝදනා නොපිලිගන්නා බවයි රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සදහන් කර තිබුණේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :