බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ හදිසි ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, යුධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මේ සඳහා යොදා ගන්නා බවයි.

කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයට මෙ වන විට කසළ බැහැර කිරීමක් සිදු නොකරන බැවින් අදාළ බිම් කොටස ශ්‍රී ලංකා රේගුවේ ගුදම් පහසුකම් පවත්වාගෙන යාමේ පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා ලබා දීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා අනාවරණ කළා.

පොලීසිය සඳහන් කළේ, බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව ඊයේ සවස හටගත් ගින්න මෙ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බවයි.ගින්න හට ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණවී නැහැ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :