ඒකාබද්ධ විපක්ෂය අද කොලඹදී පවත්වන විරෝධතාවයට සහභාගීවීමට පැමිණෙමින් සිටි බස් රථයකට හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ලවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද උදැසන පොලූ මුගුරුවලින් පහරදී බස් රථයට අලාභ හානි කර ඇති බව සදහන්.

හාලිඇල ආසනයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක විසින් මෙම බස් රථය කොළඹ ජනබල මෙහෙයුමට යාම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ බවද හෙලිව තිඛෙනවා.

මෙම පහරදීමෙන් පසු එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් දස දෙනෙකු පමණ වෙනත් බස් රථයටක නංවා පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බවද වාර්තාවනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :