විදේශ රැකියා අමාත්‍යාංශයේ නම විකුණා කිරිපිටි වංචා කරලා

විදේශ රුකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිත කරමින් ප‍්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 1,377,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භකර තිඛෙනවා.
අමාත්‍යංශයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට් 1000 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2500 ක් ලබා දෙන ලෙස දන්වමින් එහි අතිරේක ලේකම්වරැන් දෙදනකුගේ අත්සන් සහිතවයි මෙම ඊ මේල් පණිවිඩ යොමුකර ඇත්තේ.
පසුව එහි සඳහන් කර තිබූ දුරකථන අංක හා සම්බන්ධවූ කිරිපිටි සමාගමේ නිලධාරින් කඩවත අධිවේගී මාර්ගය ආසන්න ස්ථානයදී මෙම කිරිපිටි තොගය භාරදී තිඛෙනවා.
එම භාණ්ඩ සඳහා වන ගෙවීම්වලට අදාලව ඇණවුම් විස්තර අමාත්‍යංශයට අද ගෙන ආ අවස්ථාවේ දීයි මෙය වංචාවක් ලෙස හෙළිකරගෙන ඇත්තේ.
අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට විමර්ෂණ සිදුකරනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish