කොලඹ නගරයට පැමිණ විරෝධතාවේ නිරත වන පුද්ගලයින්ට කිසිදු බාධාවක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා පවසන්නේ විරෝධතාකරුවන් සිය විරෝධතාවයේ යෙදීමේ නිදහස මහජනතාවට පීඩාවක් නොවන පරිදි භාවිතා කළ යුතු බවයි.
අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බැවින් සේවා ස්ථානවලට පැමිණි ජනතාවට හා කොලඹ නගරයේ පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි විරෝධයේ යෙදීමේ නිදහස භුක්ති විදිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :