

කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ තවත් පුද්ගලයන්ට වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.
විෂය භාර ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වා දෙන්නේ එම කාලය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු අතර එය හඳුනාගෙන පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.
එමෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 4 නිවෙස් තුළ වෛද්‍ය පරීක්ෂණ යටතේ තැබීමට පියවර ගත යුතු බවද ඇය කියා සිටියා.
පවත්නා තත්ත්වය මත වසංගතය මර්දනය සදහා දැනට පවත්නා කොවිඩ් පාලන උපාය මාර්ග තවදුරටත් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464