ඉන්දියාව තුල සමලිංගිකත්වය තවදුරටත් අපරාධයක් ලෙස නොසලකන බව දන්වමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය අද නියෝගයක් නිකුත් කර තිඛෙනවා.
ඒ ඊට අදාළව ඉදිරිපත්ව තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි.
මේ දක්වා සමලිංගිකත්වය අපරාධමය වරදක් ලෙස හදුන්වමින් ඉන්දීය නීතියේ ඇතුලත්ව තිබූ 377 වන වගන්තිය මේ යටතේ ඉවත් කිරීමටයි නියෝග කර ඇත්තේ.
මේ දක්වා ඒ වෙනුවෙන් දස වසරක සිර දඩුවමක්ද නියම කෙරුණු අතර එම වරදට දඩුවම් විදින්නන්ටද මේ යටතේ නිදහස හිමිවනවා.
මෙම තීන්දුව ලබාදෙන අවස්ථාවේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රිති ඝෝෂා පල කළ බව සදහන්.
මෙය සමලිංගිකත්වය නීතිගත කිරීමට ඉන්දියාව සූදනම්වීමක් ලෙසයි වාර්තා පලවන්නේ.මෙම තීන්දුවට එරෙහිව වීථි බසින බවයි ඉන්දියාවේ දැඩි මතධාරීන් අවධාරණය කරන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :