2020 ජනාධිපතිවරණය සදහා රටට උචිත නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙන එන බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසනවා.
මහාචාර්යවරයා මේ බව කියා සිටියේ  සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

2015 ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය කළ පොදු අපේක්‌ෂකයා නිර්පාක්‌ෂික නොවීම නිසා එම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා නැවත නිර්පාක්‍ෂික පොදු අපේක්‌ෂකයකුගේ පාලනයක්‌ රට තුළ ඇති කළ යුතු බවද බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

විවිධ අපරාධවලට සහ බරපතළ වංචා දූෂණවලට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීමේදී වත්මන් ජනාධිපතිවරයා සිදුකරන දුරකථන ඇමතුම් නිසා ඔහුගේ නිර්පාක්‌ෂිකභාවය නැතිවී ඇති බවත් අගමැතිවරයා විසින් රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරුවලට තම ගජ මිතුරන් පත් කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇතිකිරීමට නොහැකි වී ඇති බවත් විඡේසූරිය මහතා අවධාරණය කළා.

එම නිසා යම් නීතියකට අනුව මහජන මුදල් වලින් විශ්‍රාම වැටුප් නොගන්නා, වාහන බලපත්‍ර නොගන්නා න්‍යාය පත්‍රයක්‌ ඇති නිර්පාක්‍ෂිකයකු ජනාධිපති ධුරයට පත්විය යුතු බවද සෝභිත හිමියන්ගේ ක්‍රමවේදය අනුව නිසි වේලාවට එම පොදු අපේක්‍ෂකයා හෙළිදරව් කරන බවද මහාචාර්ය සරත් විඡේසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :