වන අලියකු බලත්‍රයක් රහිතව ළග තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇප මත මුදා හැර තිඛෙනවා.
සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කැස්බෑව මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි ඊයේ දිනයේදී ත්අඩංගුවට ගෙන තිබුණේ.
මේ අතර මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනි හා හිටපු නිලධාරී උපාලි පත්මසිරි යන යටද ඇප නියමවුවද ඇප කොන්දේසි සැපිරීමට අසමත්වීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :