ඩොලරයේ අගය රුපියල් 162 සිට 163 දක්වා රුපියලකින් ඉහළ යාම නිසා ඉකුත් සතියේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන තිස් හතරකින් වැඩි වී ඇතැයි වාර්තාවනවා.
ඩොලරයේ අගය සත එකකින් ඉහළ ගියද ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් මිලියන 340කින් ඉහළ යන බවයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ     මහාචාර්ය ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ උප සභාපති එම්.ඩී. කරුණාරත්න කියා සිටියේ 2015 සිට මේ දක්වා වසර තුන තුළ රුපිය‍ලේ අගය රුපියල් 33කින් බාල්දු වී ඇති බවයි. රුපියල මේ අයුරින් බාල්දු වෙද්දී රජයේ පාර්ශ්වයන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ රටේ විදේශ විනිමය අර්බුදය විසඳීමට රජයට විකල්පයක් හෝ හැකියාවක් නැතිකමදැයි සැක සිතෙන බවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :