19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති බැවින් මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බවත් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැතිකිරීමට අගමැතිවරයකු බලයට පත්කර ගැනීම සඳහා බවත් ජනාධිපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.
ඒ නිවිතිගලදී පැවැති ශ්‍රී ල නි ප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමින්.
නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බව කී ජනපතිවරයා, එහෙත් ඒ තීරණය කළයුත්තේ තමා බවද සදහන් කළා.
කෙසේ වෙතත් නියමිත කාලයට එක්දිනක් හෝ පෙර ජනාධිපතිවරණය නොපවත්වන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) උද්ඝෝෂණය ගැන සඳහන් කළ ජනාධිතිවරයා කියාසිටියේ පොහොට්ටුවේ අය එය සාර්ථක බව පවසන නමුත්, එජාපයේ අය එය අසාර්ථක වූ බවයි.
දෙපිරිසම අධිතක්සේරුවකින් කටයුතු කරන බව කී ජනපතිවරයා මීළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවයි කියා සිටියේ.ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවයි.එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :