ඉදිරි මාස 2ක කාලය තුල දැවැන්ත වැඩ වර්ජන මාලාවක් ක්‍රියාත්මක කිරීමට රහසිගත සාකච්ජා මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව අනාවරණ වනවා.
අය වැය ඉදිරිපත් කිරීමට පෙර මෙම වර්ජන මාලාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් පවතින අතර ආණ්ඩුවට දැවැන්ත බලපෑමක් එල්ල කිරීම මෙහි අරමුණ බව සදහන්.
ප‍්‍රවාහන/ සෞඛ්‍ය/වරාය/ ඛනිජ තෙල් ඇතුළු ක්ෂේත‍්‍ර අංශ මුල් කර ගනිමින් එකම අවස්ථාවක මෙම වර්ජන මාලාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවයි හෙළිවන්නේ.
පෙර දැනුම්දීමකින් තොරව එකම අවස්ථාවේ මෙම වර්ජනය සිදුකිරීමට සාකච්ජා සිදුවෙමින් පැවතීමද විශේෂත්වයක්.
දේශපාලනික අරමුණක් මත මෙය ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසුවන අතරම ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමගද සාකච්ජා පැවැත්වෙන බව සදහන්.
කෙසෙම් වෙතත් බුද්ධි අංශ මේ පිළිබද දැඩි අවධානයෙන් පසුවන බවයි අනාවරණවන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :