ජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද චෝදනා එල්ල කළා.

නාරාහේන්පිට මිල්කෝ ආයතනයෙන් කිරිපැකැට්  ලබාගත් එම වාහනය සිරිකොතට පැමිණ බත්තරමුල්ල හරහා වොක්ෂෝල් වීදියට පැමිණ ඇති බවයි මන්ත්‍රීවරයා අද සදහන් කළේ.

ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි මෙම වාහනය නිකුත් කර තිබූ බවත්, 05 වැනිදා පෙරවරුවේ එම වෑන් රථයට අනුයුක්ත කර සිටි රියදුරා ඉවත් කර කිලෝමීටර් 43ක දුරක් කිරිපැකට් තොගය ප්‍රවාහනය කර තිබූ බවත් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

 

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.