ගල්පරයේ සිරවූ නැවේ ඉන්ධන කාන්දු වුවහොත් පියවර ගැනීමේ සූදානමක්

Sri Lanka

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප ‍නෞකාව ළගාවී පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම මූලික විමර්ශණයන්ට අනුව අනතුර හේතුවෙන් නෞකාවේ බඳට හානි වීමක් වාර්ථා නොවූ අතර, නෞකාව තුලට ජලය කාන්දු ‍වීමක් හෝ අනතුර හේතුවෙන් සාගරයට ඉන්ධන කාන්දුවීමක් ද වාර්ථා නොවූ බවයි නාවික හමුදාව පවසන්නේ.

එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි එම නෞකාවේ කපිතාන් ඇතුළු පිලිපීන ජාතිකයින් 15 දෙනා සහ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනාටද (03) මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බවටද අණාවරණය වුණා.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් නෞකාවේ දියයට බඳ කොටස වැඩි දුරටත් පුළුල් ලෙස පරීක්‍ෂා කිරීමෙන් (Diving Operation) අනතුරුව, අනතුර හේතුවෙන් නෞකාවේ බඳ කොටසට හානියක් සිදුවී නොමැති බවට තහවුරු කර ගනු ලැබුවා.

එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හමුවේ ඇති වූ දිය වැල් ‍වල බලපෑමෙන් මේ වන විට නෞකාව ගල් පරයෙන් ඉවත් වී ඇති අතර, නෞකාව ගල් පරයේ සිරවී තිබූ කොටසට‍‍ කිසියම් හානියක් සිදුවී ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා නෞකාව ආරක්‍ෂිතව නැංගුරම්ලා නැවත වරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මගින් පරීක්‍ෂා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්‍ෂා නෞකාව සමුද්‍රීය පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමඟ අනතුරට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී ඇති අතර, හදිසි ඉන්ධන කාන්දුවීමක් ඇතිවුවහොත් එය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ද සමගින් මේ වන විට ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සමුද්‍රාරක්‍ෂා නෞකාවද එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී තිබෙනවා.

එමෙන්ම මෙම මෙහෙයුමට සහය වීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) පණ්ඩුකාභය නැමැති ටග් යාත්‍රාව ද (Tug Pandukabhaya) එම මුහුදු ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙනවා.

තවද, MV Eurosun නැමති නෞකාව අනතුරට පත්වීම‍ හේතුවෙන් නෞකාවේ බඳට හානියක් සිදුවී ඇත්දැයි තක්සේරු කිරීමක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සිදු කරන ලද අතර, මේ වන තෙක් සිදු කරන ලද පරීක්‍ෂාවන්ට අනුව නෞකාවේ බඳට මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බව නිරීක්‍ෂණය වී තිබුණා- ශ්‍රී ලංකා නාවික හමුදාව


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *