හිමාලයේදී යළිත් ඉන්දීය -චීන සෙබළුන් ගැටෙයි / මරණ සිදුවූ බවට වාර්තා

Sri Lanka

හිමාලයේ ඉන්දු චීන දේශසීමාවේදී යළිත් ඉන්දීය හා චීන දේශසීමා ආරක්ෂකයන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙහිදී දෙපාර්ශවයේම කිහිපදෙනකු මරණයට පත්ව සැළකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය හමුදා තහවුරු කළ බවයි.
සිකීම් හී නකුලා කලාපය ආශ්‍රිතව මෙම ගැටුම හටගෙන තිබුණා.
එහිදී අවි ආයුධ භාවිත වී නොතිබුණු අතර අත් පා භාවිත කරමින් එකිනෙකාට ප්‍රහාර එල්ලකර ඇති බවයි අල්ජසීරා පැවසුවේ.
චීන හමුදා ඉන්දීය දේශසීමා කලාපයට ඇතුළුවූ අවස්ථාවේ දී ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෙම තත්ත්වය හටගෙන තිබුණා.
එම කලාපයේ චීනය විසින් අනවසර හමුදා කදවුරු හා ගම්මාන ඉදිකරන බවටයි ඉන්දියාව චෝදනා කළේ.

Image


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *