විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් කළ පෙත්සම අද විභාගයට ගැනෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම පෙත්සම ගොනු කෙරුණේ.

විසිවැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 30.2 යන වගන්තිවලට පටහැනි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව මෙය ජනමත විචාරණයකට යොමු නොකර සම්මත කළ නොහැකි බවත්, පෙත්සමේ දැක්වෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.