ප්‍රධාන-පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මාරයන්ගෙන් ජනතාවට පීඩා

බෙදා හරින්න :

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තවදුරටත් මෙරට ග්‍රාමීය ජනතාව දැඩිව කොල්ලකමින් සිටින බවට චෝදනා එල්ලවනවා.
මෙරට දුෂ්කර ප්‍රදේශවල බහුලවශයෙන් ක්‍රියාත්මක මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඉතා කැමැත්තෙන් ණය ලබාදෙමින් පසුව කිහිප ගුණයකින් එම මුදල් අය කර ගැනීමට පියවර ගනු ලබන බවටයි චෝදනා එල්ලවන්නේ.
අනුරාධපුරය / පොළොන්නරුව / මොණරාගල / හම්බන්තොට / වව්නියාව / මඩකලපුව ආදී දිස්ත්‍රික්කවල බහුල වශයෙන් මෙම ආයතන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
පසුගියදා පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී සිය දරුවන් දෙදෙනා සමග දුම්රියකට පැන සියදිවි හානි කරගත් පියාද ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක බලපෑමකට ලක්ව සිටි අයකු බවයි අනාවරණ වන්නේ.
එවන් මරණ රැසක්ම පසුගිය සමයේදී මෙරටින් වාර්තාවී තිබුණා.
මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත සීමා කරන ලෙසත් දැඩි නියාමන සම්මත කර ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

එම සංවිධානයේ විදේශ ණය සහ මානව අයිතිවාසිකම් බලපෑම් පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකු වන ජුවන් පැබ්ලෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවා.

මෙම සමාගම්වල ගොදුරක් බවට පත්ව පීඩා විදින ඇතැම් කාන්තාවන් වකුගඩු අලෙවි කර එම මුදල් ගෙවීමට පියවර ගෙන ඇති බවද මෙම වාර්තා මගින් හෙළිකර තිඛෙනවා.
මෙරට ගොවි ජනතාව මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරක් බවට පත්වීම වැලැක්වීම සදහා කඩිනම් පියවර ගැනීම අත්‍යාවශය වනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts