පොලිස් නිලධාරීන්ගේ අයථා ක්‍රියා හෝ අල්ලස් ලබා ගැනීම් සම්බන්ධයෙන් වීඩියෝ හෝ හඩපට සාක්ෂි පොලිසිය වෙත යොමුකළ හැකි බව පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ යම් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට අල්ලස් ඉල්ලා සිටින පොලිස් නිලධාරීන් වෙතොත් ඊට අදාළ සාක්ෂි dig.traffic@police.lk යන ඊ මේල් ලිපිනයට යොමුකළ හැකි බවයි.
එවන් අවස්ථාවන් වීඩියෝගත කර හෝ හඩපට ලබාගෙන මෙම ඊ මේල් ලිපිනයට යොමුකළ හැකිවනවා.
මේ වන විට සියලු දෙනා අත ජංගම දුරකථන පවතින බැවින් පොලිස් නිලධාරීන් විසින් සිදුකරන එවන් ක්‍රියා පිළිබද පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.