සිංහරාජ වනාන්තරයේ වාසය කළ ඉතා දුර්ලභ සත්ත්වයකුවූ සුදු ගෝණා වෙඩි තබා ඝාතනය කර තිඛෙනවා.
සිංහරාජ අඩවි ආරක්‌ෂක ආර්. ඒ. එස්‌. රනුක්‌කන්ද මහතා මහතා සදහන් කළේ මෙම සුදු ගෝණා දින කිහිපයකට පෙර ඝාතනය කර ඇති බවට සැක මතුවන බවයි.

සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි තේක්‌ක වත්තක තිබී වෙඩි වැදී මියගොස්‌ සිටි සුදු ගෝනාගේ සිරුර හමුව තිඛෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්ද සිදුකරන බවයි වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ.
කෙසේ වෙතත් මෙම අති දුර්ලභ සත්ත්වයාගේ මරණයෙන් පසු පරීක්ෂණ සිදුකිරීමෙන් ඇති ප්‍රයෝජනය පිළිබද ප්‍රශ්නාර්ථයක් නැගෙන අතර එම සත්ත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී අංශ කිසිදු පියවරක් ගෙන නොතිබීම දැඩි ගැටළුවක් වනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.