ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණ තිඛෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැදවීමකට අනුවයි.
2008 වසරේ මැයි මස 22 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුව තිබුණා.
කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතා පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.