ක්‍රීඩකයින් 29 ක් කොන්ත්‍රාත්තු අත්සන් තබති

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට නම් කිරීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව අවධානය යොමු කර සිටින ක්‍රීඩකයින් 30 දෙනා අතුරින් 29 දෙනෙකුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවට අත්සන් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද මෙම 30 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, පෞද්ගලික හේතූන් මත තවදුරටත් දැනුම් දෙන තුරු ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් නිදහස් කර සිටින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඉල්ලීමක් කර තිබේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *