ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් කවර ආකාරයේ අසත්‍ය ප්‍රකාශයන් නිකුත් කළද ආණ්ඩුව ජනතාව වෙනුවෙන් උපරිම කැපකිරීමක් සිදුකරමින් පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිරියාල ආසනයේ ඉදි කළ නිල සෙවණ නව කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
රාජ්‍ය සේවය ජනතාව අතරට ගෙන යාම සදහා රජය සැලසුම් සහගතව කටයුතු කරන අතර පක්ෂ ඛේදයෙන් තොරව රටේ ජනතාවට සේවා ලබා ගැනීමට එයින් අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියා.
පසුගිය දින කිහිපය තුල නිකවැරටිය ආසනයේ නිල සෙවණ කාර්යාල කාර්යාල 9ක් හා ගල්ගමුව ආසනයේ නිල සෙවණ කාර්යාල 6ක් විවෘත කෙරුණු අතර ඒ හරහා තමන්ට අවශ්‍ය සේවා තම ප්‍රදෛ්ශයේදීම ජනතාවට ලබාගත හැකි බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
ඉදිරියේදී රට පුරා නිල සෙවණ කාර්යාල 14022 ක් සම්පූර්ණ කිරීමට නියමිතයි.
ආණ්ඩුව අක්‍රීය ස්වාභාවයෙන් අදහස් දක්වන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් හුදු රංගනයන් දක්වමින් ජනතාව මුලා කිරීමට තැත් කළද ආණ්ඩුව ජනතාවට ලබාදිය හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
ඒකාබද්ධය මෙන් මත්පැන් හා බත් පැකට් ලබාදී ජනතාව වීථිවල යැවීම වෙනුවට වඩාත් හොද ජීවන මට්ටමක් සහතික කරමින් ඔවුන් නගා සිටුවීම වගකිව යුතු පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වන බවයි අලවතුවල මහතා කියා සිටියේ.
ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුලින් ලංකාව ලබන ප්‍රතිලාභ ඉදිරියේදී සමස්ථ ලාංකිකයින්ටම දැක ගත හැකිවනු ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.