නැගෙනහිර ජැටිය විදේශ සමාගම්වලට දීමට විරුද්ධයි /ජේ සී අලවතුවල

ByLankaAnews

Jan 26, 2021

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නව නියෝජ්‍ය ජාතික සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසයි.

නව නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත්වීමෙන් පසුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පක්ෂයේ ග්‍රාමිය කමිටු ස්ථාපනය කිරීම ආරම්භ කර ඇති බවයි.

පළමු වරට මහ මැතිවරණයට තරග කරමින් සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 54ක් ලබා ගනිමින් ලද ජයග්‍රහණය ඉදිරියට ගෙන යමින් ශක්තිමක් විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරමින් සිටින බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.

කොළඹ වරයේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් දැක්විය.

නැගෙනහිර ජැටිය විදේශීය සමාගම් වෙත පැවරිමට සමගි ජන බලවේගය විරුද්ධ බවත් ඊට එරෙහිව වෘත්තිය සමිති ගෙන යන වැඩපිළිවෙලට පුර්ණ සහය ලබා දෙන බවත් ජේ සී අලවතුවල මහතා සදහන් කළේය.

සමගි ජන බලවේගය ගම් මට්ටමින් ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බවත් පක්ෂය මගින් තමන්ට ලබා දුන් නව වගකීම නිසි ලෙස ඉටු කරමින් ජනතා අපේක්ෂා වෙනුවෙන් කැප වී කටයුතු කරන බවයි පාර්ලි‍මේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *