ඉන්ධන මිල සූත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් යළි සලකා බලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ අද පෙරවරුවේ මාධ්‍යවේදීන් සමග පැවැති සාකච්ජාවකදීයි.
මේ අතර පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැහැර ගැනීමේ සිද්ධීන්ට අදාළව හමුදා සාමාජිකයින් සාක්ෂි රහිතව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
මේ අතර ශ්‍රී ලංකා සංගප්පූරු වෙළද ගිවිසුම පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුම සංශෝධණයට අවශ්‍ය කටයුතු කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
මේ අතර තමන් ඝාතනය කිරීමේ සූදානමක් පිළිබද ප්‍රකාශවූ කරුණු අනුව ඊට අදාළව විශේෂ පරීක්ෂණයක්ද ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.