නීති විරෝදින‍ ඉතාලියට සංක්‍ර/මණිකයින් පිරිසක් ඇතුලත් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීය තානාපති අංශයට සම්බන්ධ පුද්ගලයකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඉතාලියේ Varese7press  ආයතනය වාර්තා කළේ මෙම තැනැත්තා දෝහා සිට පැමිණි ගුවන් යානයකින් මිලානෝ වෙත ළගාවී ඇති බවයි.
ඔහු සමග සිය බිරිඳත් තවත් තරුණයන් හා තරුණියන් දෙදනකු පැමිණ සිටි බවයි වාර්තාවන්නේ.
ඔවුන් සිය දියණියන් හා බෑණාවරුන් ලෙස නම් කළ මෙම තැනැත්තා ප්‍රංශයේ සිට සංචාරයක් සදහා ඉතාලියට පිවිසි බවද දක්වා තිඛෙනවා.
එහෙත් ඒ පිළිබද සිදුකළ සොයා බැලීමේදී හෙළිව ඇත්තේ සැකකරු සමග පැමිණි කණ්ඩායම ලංකාවේ සිට ගොස් ඩුබායි හරහා මෙම ගමනට එක්ව ඇති බවයි.
එසේම ඔහුගේ ජීවදත්ත සමග මෙම තරුණ තරුණියන් සිය ඥාතීන් බව ඔපුප් කිරීමටද අසමත්ව තිඛෙනවා.
ඒ අනුව සැකනකරු අත්අඩංගුවට ගෙන අනෙක් පිරිසි ලංකාවට පිටුවහල් කිරීමටයි ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.