මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා සම්බන්ධවූ සමාගම සතු රුපියල් කෝටි 9 කට අධික වටිනාකමකින් යුතු යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැර ගැනීමට සම්බන්ධ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා හා ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාලච්චේන මහේස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා නියෝග කර තිඛෙනවා.

 නීතීඥ අජිත් පතිරණ මහතා ඉදිරිපත් කළ කරුණු දැක්විමකින් පසුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

‘ලංකා බිල්ඩර්ස් කෝපරේටිව් සොසයිටි’ සමාගමේ සභාපති ආචාර්ය ප්‍රභාත් උක්වත්ත මහතා පොලිස්පතිවරයා මාර්ගයෙන් පසුගිය ජනවාරි මාසයේදී මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව විමර්ෂණ ක්‍රියාත්මක වනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.