වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් රුපියල් මිලියන 5 යි දශම 2 ක් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 3 දෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.  මෙම නඩුව අවසන් වන තුරු විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය පසුගියදා නියෝග කළ අතර ඊට අදාළවයි මෙම ඇප අයදුම ගොනුකර තිබුණේ.සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය ක්‍රියා කළ ආකාරය නීත්‍යානුකූල බව ද මෙහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ නඩු විභාගය කඩිනම් කිරීමට වන අතරම පොදු දේපළ පනත යටතේ චෝදනා ලැබ ඇති අයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බව ද නීතිපතිවරයා දන්වා තිඛෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අය කුරුණෑගල මහාධිකරණය වෙත අද යළි ඉදිරිපත් කෙරුණා. සතොස මූල්‍ය කළමනාකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම හා සාක්‍ෂි විමසීම අද අවසන් කෙරුණු අතර නඩුව හෙට දිනය දක්වා කල් තැබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.