මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ විමර්ෂණ සිදුකළජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අල්ලස් කොමිසමේ සාමාජිකයන් සහ බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ද නම් කර තිබෙනවා.

පෙත්සම්කාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කර ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ ගණනාවක් නීතිපතිවරයා වෙත නිකුත් කර ඇති බවයි.

එම නිර්දේශ නිකුත් වී වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද ඒවා ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම අසමත්ව සිටින බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමින් පෙන්වා දෙනවා. මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.