එක්සත් ජාතීන්ගේ 2018 මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ 76 වන ස්ථානය හිමිව තිඛෙනවා.
ඒ ප්‍රසාද අගය 0.770 ක් සහිතවයි.
ඒ අනුව මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ තවදුරටත් මුල් තැන පසුවන්නේද ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්.
නවතම වාර්තාවට අනුව මෙරට ආයු අපේක්ෂාව අවුරුදු 75 ක් වන අතර මෙරට කාන්තා ආයු අපේක්ෂාව දැක්වෙන්නේ වසර 78.8 ක් ලෙසයි.
කෙසේ වෙතත් මෙරට පිරිමි ආයු අපේක්ෂාව සදහන් වන්නේ වසර 72.1 ක් ලෙසයි.
ජාතික ආදායමට අනුව මෙරට කාන්තාවකගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 6,462 ක් ලෙස දැක්වෙන අතර පුරුෂ පාර්ශවයට අනුව එය ඩොලර් 16,580ක් තරම් ඉහළ වනවා.
ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවය අතින් ලෝකයේ හිමිව ඇත්තේ 80 වන තැනයි.
මේ අතර මෙරට උපතේදී බිළිදු මරණ අනුපාතය 100,000 කට 30ක් ලෙස දැක්වෙන අතර එය නම්වන්නේ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක මට්ටමක් ලෙසයි.
එසේම මෙරට උපත ලබන බිළිදුන්ගෙන් සියයට 75 කටම මුල් මාස 5ක කාලය තුල මව්කිරි හිමිවන බවද දැක්වෙනවා.
මේ අතර මෙරට එච් අයි වී එර්ඩ්ස් ආසාදිතයින් ප්‍රමාණය දැක්වෙන්නේ අවුරුදු 15ත් 49 ත් අතර ජනගහණයෙන් සියයට 0.1 ක් ලෙසයි.
මේ අතර මෙරට වැඩිහිටි ජනගහණයේ සාක්ෂරතාවය සියයට 91.2 ක් බවයි දැක්වෙන්නේ.
මෙරට කාන්තාවන්ගෙන් සියයට 82.6 ක් හා පුරුෂයින්ගෙන් සියයට 83.1ක් ද්වීතික අධ්‍යාපනය ලබන බවද එහි දැක්වෙනවා.
මෙම දර්ශකයට අනුව ලෝකයේ තවදුරටත් ඉහළම මානව සංවර්ධනයක් පවතින රටවන්නේ නොර්වේ දේශයයි. ස්විස්ටර්ලන්තය / ඔස්ටේ්‍රලියාව අයර්ලන්තය හා ජර්මනිය මුල් ස්ථානවල පසුවනවා.
ලෝකයේ අඩුම මානව සංවර්ධනය නයිගර් රාජ්‍යයේ පවතින අතර මධ්‍යම අප්‍රිකාව හා දකුණු සූඩානයද එම ලයිස්තුවේ පසුවනවා.
මේ අතර 76 වන ස්ථානය සමග දකුණු ආසියාවේ ලංකාව මුල් තැන පසුවන අතර දෙවන තැන පසුවන ඉන්දියාවට හිමිවන්නේ 130වන තැනයි.
භූතානය 134වන තැනත් බංග්ලාදේශය 136 වන තැනත් පසුවනවා.
නේපාලය 149 වන තැනට පත්ව ඇති අතර පකිස්ථානය පසුවන්නේ 150 වන තැනයි.
ඇෆ්ගනිස්ථානය 168 වන ස්ථානයේයි පසුවන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.