යුද්ධයට අදාළව සිදුවූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හමුදා සාමාජිකයින්ට මෙන්ම එල් ටී ටී ඊ සාමාජිකයින්ටද පොදු සමාවක් ලබාදීමට පියවර ගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොලඹදී පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින්.
මේ සදහා දෙමල දේශපාලන පක්ෂ විසින්ද සහාය ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.
මේ වන විට පුනුරුත්ථාපනය කර මුදා හැර සිටින එල් ටී ටී ඊ සාමාජිකයන්ට එරෙහිව අතීත වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලබාදීමක් සිදු නොවන අතර ඒ අනුව පීඩාවට පත්වන්නේ හමුදා සාමාජිකයින් පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඒ අනුව යුධ සමයේ සිදුවූ යුද්ධයට අදාළ වැරදි වෙනුවෙන් සමාව ලබාදී ඒ සම්බන්ධ චෝදනා ඉවත දැමීමට නීතිපතිවරයා පියවර ගත යුතු බවයි පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සදහන් කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.