2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළව හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන මහත්වරුන් අද තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ලබන 2 වනදා තෙක් සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මෙම පරීක්ෂණයට අදාල රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.අනතුරුව අධිකරණ සංකීරණයෙන් බන්ධනාගාරය බලා ගෙන යන අවස්ථාවේදී නියෝමාල් රංගජීව මහතා මාධ්‍ය වෙත කියා සිටියේ තමන්ද මත්කුඩු ජාවාරම්කරුන්ට එරෙහිව කටයුතු කර වෙඩි කා දැන් බන්ධනාගාරගතව සිටින බව ජනාධිපතිවරයාට දන්වන ලෙසයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.