හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර තිඛෙනවා.පොලිස්පතිවරයාගේ  සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය අද (18) පෙරවරු 6.00ට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පොලිස්පතිතුමාගේ උපදෙස් මත කැලණිය, ගම්පහ සහ මීගමුව පොලිස් කොට්ඨාස වලට අදාළව මුලින්ම ආරම්භ කළ කෙලින්ම කියන්න ව්‍යපෘතියේ  සාර්ථක බව සැලකිල්ලට ගනිමින් එහි දෙවන අදියර ලෙස අද දින මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ආරම්භ කළ බව සදහන්.

පහත සඳහන් දුකථන අංක ඔස්සේ මහජනතාවට කිසිඳු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාවය ද සුරැකෙමින් විෂ මත්දුව්‍ය පිළිබඳව තොරතුරු ලබා දිය හැකියි.

011 -3024803

011 -3024815

011 -3024820

011 -3024848

011 -3024850

ෆැක්ස් අංක

011 -2472757

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.