බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරේ වටිනාකම රුපියල් කෝටියක් නොව රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑහය දහසක් පමණක් බව මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද ප්‍රකාශ කළා.

එහි ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ඇමතිවරයා කියා සිටියේ මෙම දොරෙහි ඇස්තමේන්තුව රුපියල් හැත්තෑ දෙලක්ෂයක් පමණක් බවයි.

මේ වන විට එයට රුපියල් 83 ලක්ෂයක් ගෙවා ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා පිළිගෙන තිඛෙනවා.

ඒ අනුව දොරට අදාළ සියලු ගෙවීම් මේ වන විට අවසන් කර ඇති බවද ඔහු සදහන් කළා.

විශේෂ

කෙසේ වෙතත් රුපියල් 83 ලක්ෂයක් පමණක් එම දොරට ගෙවූ බව මහ ඇමතිවරයා පවසන්නේ ඉතා සරළ ලෙසින් වුවද ඒවා මෙරට මහජනතාව සතු මුදල් බව අමතක නොකිරීම අතිශය වැදගත්වේ.
මහ ඇමතිවරයා ලක්ෂ 83 ක් නොව කෝටියක් හෝ වැය කර පුද්ගලික මුදලින් සිය නිවසේ දොර අලුත්වැඩියා කිරීම ඔහුට කළ හැකි වුවද හා ජනතා මුදල් මෙසේ හානිකර වන පරිදි විනාශ කර දැමීමට ඔහුට කිසිදු අයිතියක් නොමැතිය යන්න සමස්ථ ලක්වාසී සාමාන්‍ය ජනතාවගේ මතය බව අප සිහිපත් කිරීමට කැමැත්තෙමු.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.