පුද්ගල ජාවාරම් චෝදනා මත ඉතාලියේදී අත්අඩංගුවට ගත් ලාංකිකයා මෙරට ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සේවය නොකරන බව තහවුරුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරනවා.
මේ ඊට අදාළව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි.

පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය වාර්තාවලින් අනතුරුව, එහි සත්‍ය අසත්‍යබව තහවුරු කරගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව, මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කොටගෙන තිබේ.

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා වර්තමානයේදී කිසිදු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සේවය නොකරන බව තහවුරු වී තිබේ. අදාළ පුද්ගලයා සතුව වලංගු රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අතර, ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්‍රයක් මඟින් මෙම පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත. මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත 2012-2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරා ඇති බවද කොන්ත්‍රාත් කාලය අවසානයේදී අවලංගු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් මොහු සතුව තිබී ඇති බවද තහවුරු කරගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 සැප්තැම්බර් 18 වැනිදා
20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.